

රජ පවුලට ඉපදුණු දූ කුමරිය – ලිලී
හැරී සහ මේගන් තමන්ගේ දෙවන දරුවා උපත ලද බවත් ඇය ගැහැණු දරුවෙකු බවත් නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඇයට නම් තබා ඇත්තේ “ලිලී”- ලිලීබට්(Lilibet) ඩයනා මවුන්ට්බැටන්-වින්ඩ්සර් වශයෙන් වන අතර ඉකුත් සිකුරාදා (04) උදෑසන කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි රෝහලක උපත ලබා තිබෙනවා.
මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බව මෙම යුවළ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.