

රුපියල් කෝටි තුනක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම සිරිතොප්පු හන්දියේ දී අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.
සැකකරු සමඟ රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 195 ක් පොලිසිය භාරයට ගත් බවයි ඔවුන් සඳහන් කළේ.
සැකකාර පුද්ගලයා ගමන්ගත් යතුරු පැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි අසුන් යට සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබෙනවා.