වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක ජල කප්පාදුවක්

අනිද්දා (26) පෙරවරු 10 සිට පැය විසි හතරක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි දන්වා තිබෙන්නේ.

ඒ අනුව වත්තල – මීගමුව පාරේ කොටසකට සහ මාබෝල ප්‍රදේශයේ කොටසකට මෙන්ම වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලට මෙලෙස ජලසැපයුම අත්හිටු වීමට නියමිතයි.

තවද අල්විස් ටවුම, මරදාන පාර, පුවත්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකටද ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.

Share This