වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල චීනයෙන් හමු වෙයි

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල චීනයෙන් හමු වෙයි

ඉපැරණි යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ තිබී සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසනවා.

වයඹ දිග චීනයේ ගන්සු පළාතේ තිබී මේවා සොයා ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මීට වසර මිලියන 27 කට පමණ පෙර ජීවත් වූ මෙම යෝධ රයිනෝ විශේෂයේ බර ටොන් 21 ක් වන අතර එය විශාල අප්‍රිකානු අලි හතරකට සමාන බවයි පර්යේෂකයන්ගේ අදහස වන්නේ.

මෙලෙස හමුවූ පොසිල හරහා වෙනත් කාල වකවානුවල සොයා ගෙන තිබූ යෝධ රයිනෝවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව විශේෂයක් වෙත අධ්‍යයන නැඹුරු කරන බවයි පර්යේෂකයන්ගේ මතය වන්නේ.

Share This