

වැඩිහිටි නිවාසයක සියල්ලන්ටම කොවිඩ්
පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා.
වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් 20කට සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදිත වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.
වෛද්‍ය කණ්ඩායමක් එම වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් හා ප්‍රතිකාර දුන් අතර රෝගී පුද්ගලයන් එම නිවාසයේ ම රැඳවීමට කටයුතු කර තිබෙනවා.