වෙළඳසැලක ගෝනියක තිබූ ‘කාන්තා මළ සිරුර ගැන’ තොරතුරු රැසක් හෙළිවේ (PHOTO)

වෙළඳසැලක ගෝනියක තිබූ ‘කාන්තා මළ සිරුර ගැන’ තොරතුරු රැසක් හෙළිවේ (PHOTO)

බැංකුවට යන බව පවසා පිටත්ව ගිය කාන්තාවකගේ බවට සැක කරන මළ සිරුරක් වාලච්චේන ප්‍රදේශයේ වෙළෙඳසැළක ගෝනියක් තුළ තිබී හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම කාන්තාව ගමන් ගත් ත්‍රීවිලරයේ රියදුරු මෙම ඝාතනය සිදු කළ බවට සැක මතුව ඇති බවයි.

එම ත්‍රීරෝද රථයේ රියදුරු විසින් මෙම ගෝනි අදාළ වෙළෙඳසැළට ගෙනැවිත් ඇති බවට සාක්ෂි ලැබී ඇති අතර එම වෙළඳ සැල සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරන ස්ථානයක් වනවා.

පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට ලැබී තිබූ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින විට වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබී ඇති තොරතුරකින් සඳහන් වී ඇත්තේ නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරන වෙළෙඳසැළක සැකසහිත ගෝනි දෙකක් ඇති බවයි.

එම ගෝනි පරික්ෂා කිරීමේ දී එක් ගෝනියක පොහොර ද තවත් ගෝනියක කාන්තා මළ සිරුරක් ද තිබී හමුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

 

Share This