වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ් ආසාදනය වෙයි

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙතෙක් රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බවත් වෛද්‍ය උපදෙස් මත තමන් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළා.

අද (29) උදෑසන කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් කොවිඩ් බව තහවුරු වී ඇති අතර ඒ අනුව, තමන්ට දින 10ක් නිවසේ නිරෝධායනය වන ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This