සම්භාහනයට ගොස් අහිමි වූ ජීවිතය -CCTV

සම්භාහනයට ගොස් අහිමි වූ ජීවිතය -CCTV

තලංගම ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක සම්භාහන කටයුතු සිදු කරගනිමින් සිටි පුද්ගලයෙකු රෝගී තත්ත්වයකට පත්වී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

ඊයේ (ජූලි 29) දිනයේදී මෙම මරණය සිදු වී ඇති බවත් තලංගම පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පවත්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී අනාවරණය වී ඇත්තේ, මිය ගොස් ඇති පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පදිංචිකරුවෙකු බවයි .

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවයි වාර්තා වන්නේ

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (ජූලි 30) දින මුල්ලේරියාව රෝහලේදී සිදු කිරීමට නියමිතයි

තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා

Share This