ස්වර්ණාභරණ අධිකාරිය ගිලා ‍බසිද්දී මිල කළ නොහැකි මැණික් 3කට කළ දේ

ස්වර්ණාභරණ අධිකාරිය ගිලා ‍බසිද්දී මිල කළ නොහැකි මැණික් 3කට කළ දේ

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව සඳහා ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට අද දින (19) පියවර ගැණුනා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කෙරුණා.

කෙසේ වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මහතාගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතිනවා.

ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා මැණික් අධිකාරියට අයිතිව තිබූ ලොව වටිනාම මිල කල නොහැකි බව පැවසේන මෙම මැණික් 03 පොලිස් විශේෂ කාර්‍ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීම සිදුවුණා.

 

 

Share This