සෙවීම් කටයුතු තවදුරටත්-මහල් 12 ක ගොඩනැගිල්ල කඩා වැටුණ හැටි (VIDEO )

සෙවීම් කටයුතු තවදුරටත්-මහල් 12 ක ගොඩනැගිල්ල කඩා වැටුණ හැටි (VIDEO )

ඇමරිකාවේ ෆ්ලොරීඩාහි මියාමි නගරයේ මහල් 12 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කඩා වැටුණු මහල් 12 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටින ඕනෑම අයෙකු බේරා ගැනීමට මේ වනවිටත් බේරා ගැනීමේ කණ්ඩායම් යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා

මේ වනවිට අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර 99 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇතැයි එරට බලධාරීහු විශ්වාසය පළ කරනවා

සෙවුම් කණ්ඩායම් පැය 24 පුරාම වැඩ කරමින් සිටින අතර සුන්බුන් යටින් මිනිසුන් හඬ නඟන බව වාර්තා වන අතර අවුරුදු 40ක් පමණ පැරණි මෙම

ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි වී නැහැ

අවම වශයෙන් පුද්ගලයින් 102 දෙනෙකු මේ වන විට සොයාගෙන ඇතත් ගොඩනැගිල්ල කඩා වැටෙන විට කීදෙනෙක් සිටියාද යන්න අවිනිශ්චිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජනාධිපති ජෝ බයිඩන් විසින් ෆ්ලොරිඩාව සඳහා හදිසි ප්‍රකාශයක් අනුමත කර තිබෙනවා

Share This