

හෝටලයේ CCTV පිරික්සද්දී ‘කුසල්,දික්වැල්ල සහ ධනුෂ්ක ගැන’ හෙළි වූ දේ(PHOTOS)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඉරිදා (27) රාත්‍රියේ ඩර්හැම්හි වීදිවල සැරිසරන අයුරු දැක්වෙන වීඩියෝව පිළිබඳව කරුණු සෙවීම සඳහා ඊයේ (28) CCTV දර්ශන පරික්ෂා කර තිබෙනවා.
එහිදී කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් හෝටලයෙන් පිටවන දර්ශන හමුව ඇති බවත් අද (29) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී අනාවරණය වුණා.
සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ වීඩියෝවේ දැක්වෙන ස්ථානයේ ඔවුන් රැඳී සිටියේ නම් ඉතා බරපතල වරදක් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියෙක් සඳහන් කරන බවද එම වැඩසටහනේ දී පුවත්පත් උපුටා දක්වමින් සඳහන් කළා.